බ්‍රවුසරයේ සේව් කරන passwords ආරක්ෂා කරගන්න ක්‍රමයක් (protect you are passwords)


අන්තර්ජාලය භාවිතා කරන අප විවිධ ඔන්ලයින් සේවා සදහා නිති පතා සම්බන්ධ වෙනවා. ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාලයන්ගේ සිට බැංකු ගිණූම් හා ක්‍රෙඩිට් කාඩ් ගණුදෙනු සඳහා  අන්තර්ජාලය භාවිතා කරනවා. මෙවැනි ඔන්ලයින් සේවාවන් සඳහා පිවිසීමට අපට Username එකක් සහ Password එකක් අවශ්‍යයි. බොහෝ පිරිස් ඔන්ලයින් සේවාවන් වලට භාවිතා කරන මුරපද සහ පරිශීලක නාම තම බ්‍රවුසරයේම save කර තබනවා. මෙය නුවණට හුරු ක්‍රියාවක් නොවෙයි. ඔබගේ බැංකු ගිණුම් වල තොරතුරු වැනි අතිශය පෞශ්ගලික විස්තර බ්‍රවුසරයේ සේව් කර තැබීමෙන් ඒකා අන් අයෙකුගේ අතට පත්වීමේ හැකියව වැඩියි. නමුත් බ්‍රවුසරයේ පාස්වර්ඩ් සේව් කිරීමෙන් නැවත නැවත් ඒවා ටයිප් කිරීමට ගත වන කාලය අවම වන නිසා බොහෝ අය තොරතුරු වල ආරක්ෂාව ගැන නොසිතන තරම්. මේ ලිපියෙන් අප වධානය යොමු කරන්නේ නැවත නැවත ටයිප් කිරීමක් සිදු නොවී, නමුත් ඉතාමත් සුරක්ෂිත ලෙස පාස්වර්ඩ් සේව් කරගන්නා ආකාරයක් ගැනයි. එපමණක් නොව ඔබ සේව් කරන පාස්වර්ඩ් ඔබගේ ජංගම දුරකථනයෙන් පවා access කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.
Keeper ලෙස නම් කර ඇති මෙම සේවාව, Mac, Windows සහ Linux යන පරිගණක මෙහෙයුම් පද්ධති වලටද Chrome, Firefox, Safari යන වෙබ් බ්‍රවුසර් වලටද, Android සහ iOS යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති වලටද මනාව සහය දක්වනවා. සරළව පැවසුවහොත් මෙම සේවාවෙන් කෙරෙන්නේ වෙබ් අඩවි වලදී ඔබ ටයිප් කරන පාස්වර්ඩ් සහ යූසර්නේම්ස් encrypt කර සේව් කර ගැනීමයි. නැවත අවශ්‍ය වූ විට ඒවා ඉදිරිපත් කෙරෙනවා. ඔබ සේව් කරන පාස්වර්ඩ්ස් ඉහත කී ඕණෑම platform එකක සිට access කළ හැකියි. පපහත සබැඳියෙන් Keeper වෙබ් අඩවිය වෙත පිවිස ඔබට අවශ්‍ය පරිදි මෘදුකාංගය ස්ථාපනය කරගත හැකියි.
Download
මෙය අත්හදා බැලීම සඳහා පහත භාවිත කර ඇත්තේ Firefox බ්‍රවුසරය සඳහා වන addon එකයි. ඔබ බ්‍රවුසර් ඇඩෝනය ස්ථාපනය කරගත් පසු බ්‍රවුසරයේ Address Bar එකෙහි අලුත් අයිකනයක් දක්නට ලැබේවි. එහි ඇති සබැඳිය මාර්ගයෙන් Keeper ගිණුමක් සදා ගැනීමට මුලින්ම සිදු වෙනවා.
keeper_login
පළමුව Master Password එකක් ලබාදීමත් ඉන් අනතුරුව ඔබගේ ඊමේල් ලිපිණය ලබාදීමත් කළ යුතුයි. ඊළඟ පියවරේදී Security Question එකක් තෝරාගත යුතුයි. මෙමගින් ඔබගේ ගිණුමේ ආරක්ෂාව වඩාත් තහවුරු කෙරෙනවා.
keeper_encryption
මෙය භාවිතා කිරීමට පළමුව ඔබගේ බ්‍රවුසරයේ පාස්වර්ඩ් සේව් කරන පහසුකම අක්‍රීය කරන්න. දැන් ඔබ Web අඩවියකට ගොස් එයට ලොග් වීමට ඇති ෆෝම් එක දෙස බලන්න. එම form fields වල Keeper අයිකන් එක ඇති බව ඔබට දිස් වේවි.
keeper_step1
ඒමත ක්ලික් කළ විට පහත පරිදි පණිවිඩයකින් ඔබගෙන් විමසා සිටින්නේ මෙම අඩවිය සදහා Keeper පහසුකම භාවිතා කළ යුතුද යන බවයි. එයට Yes විධානය ලබා දෙන්න.
keeper_step2
අනතුරුව නැවත username ෆීල්ඩ් එක මත ක්ලික් කර පහත රූපයේ ආකාරයට ඔබගේ username එක ලබා දෙන්න. ඉන්පසු Fill and Save බට්න් එක ඔබන්න. ඒ ආකාරයටම password සඳහාද පාස්වර්ඩ් එක ලබා දෙන්න.
keeper_step3
දැන් ඔබ ලබාදුන් username සහ passwords keeper හි ඉතා ආරක්ෂිතව save වෙනවා. ඔබ නැවත වරක් එම වෙබ් අඩවියට ලොග් වීමට පැමිණි අවස්ථාවක පහත රූපයේ පරිදි FILL පහසුකම භාවිත කළ හැකියි.
keeper_step4
Address bar එකේ ඇති අයිකනයෙන් Data Vault තෝරා ගැනීමෙන් දැනට සේව් වී ඇති ලොගින් විස්තර පාලනය කළ හැකියි. එමෙන්ම ලොගින්ස් වලට අමතරව බැංකු කටයුතු වල තොරතුරුද ඉතා ආරක්ෂිත ලෙස මෙහි සේව් කොට තැබිය හැකියි.
keeper_step5

No comments: