Easy Way to Delete Dupicate Files | ඩුප්ලිකේට් ෆයිල්ස් පහසුවෙන්ම පරිගණකයෙන් ඉවත් කරමු

සාමාන්‍යයෙන් පරිගණකයක් කාලක් සිට භාවිතා කරන කොට එහි විවිධ තැන් වල එකම ගොණු පිටපත් වී තිබෙන්න පුළුවන්. විශේෂයෙන් ගීත හා පින්තූර වැනි දෑ මෙලෙස අප අතින්ම විවිධ හේතූන් නිසා ඩුප්ලිකේට් වෙනවා. මෙය පරිගණකයේ දෘඩ තැටියේ ඉඩ ඇහිරීමට වගේම පරිගණකය මන්දගාමී වීමටත් බලපානවා. මේ ගැටලුවෙන් පහසුවෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මේ.

මේ සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග ගණනාවක් තිබෙනවා. නමුත් ඒ අතරින් පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංගයක් ලෙස Easy Duplicate Finder හැඳින්විය හැකියි. ඔබට පහත සබැඳිය භාවිතා කොට එය නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
සුපුරුදු ලෙසම ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපනය කරගන්න. අනතුරුව Easy Duplicate Finder වැඩසටහන ක්‍රියාත්මක කළ විට ඔබට පහත පරිදි වින්ඩෝවක් දක්නට ලැබේවි.
එහි Step 1 ලෙස සඳහන් කොටසින් ඔබ කළ යුත්තේ ඩුප්ලිකේට් ෆයිල්ස් ඇති ෆෝල්ඩරය හෝ දෘඩ තැටිය තෝරා දීමයි. අදාළ ෆෝල්ඩරය හෝ දෘඩ තැටිය තෝරා ඒ මත ක්ලික් කොට Add යන බට්න් එක ක්ලික් කිරීමෙන් එය කළ හැකියි.
මෙහිදී ඔබට යම් කිසි එක් ෆයිල් වර්ගයක පමණක් ඩුප්ලිකේට් සෙවීමට අවශ්‍ය නම් Include යන කොටසේ ඇති ෆයිල් ටයිප් යන්න ක්ලික් කොට ලැබෙන වින්ඩෝවෙන් අවශ්‍ය ෆයිල් වර්ගය තෝරා දිය හැකියි.
එසේම ඔබට අවශ්‍ය වන්නේ එක් ෆයිල් වර්ගයක ඩුප්ලිකේට් ෆයිල් හැලනෙක් ඩුප්ලිකේට් ඩිලීට් කිරීමට නම් Exclude යන ස්ථානයේ ඇති ෆයිල් ටයිප් යන්න ක්ලික් කොට ලැබෙන වින්ඩෝවෙන් ඩිලීට් කිරීමට අනවශ්‍ය ෆයිල් වර්ගය තෝරා දිය හැකියි.
ඔබට යම් ෆෝල්ඩරයක හෝ දෘඩ තැටියක ඇති ඩුප්ලිකේට් ගොණු ඉවත් කිරීමට අවශ්‍ය වුවත් එහිම සබ් ෆෝල්ඩරයක එසේ ඉවත් කිරීමට අනවශ්‍ය නම් Exclude From Scan යන ටැබයෙන් එම සබ් ෆෝල්ඩරය ඇඩ් කිරීම කළ යුතුයි. එවිට එම සබ් ෆෝල්ඩරයේ හැර තෝරා ඇත් මුල් ෆෝල්ඩරයේ හෝ දෘඩ තැටියේ ඩුප්ලිකේට් ඉවත් කිරීම සිදු කළ හැකියි.
ඉහත පියවරයන් සංකීරණ නම් Wizard යන බට්න් එක ක්ලික් කොට සරළ ක්‍රමයට ඉහත ක්‍රියාවලියම සිදු කළ හැකියි.
දැන් අප යොමු වන්නේ පහළ කොටසේ ඇති step 2 වෙතට එහි Start බට්න් එක ඔබා අප කලින් තෝරා ඇති ස්ථාන වල ඩුප්ලිකේට් සෙවීම ආරම්භ කළ යුතුයි.

මඳ වේළාවකින් එය අවසන් වී ඔබ ලබා දුන් ස්ථාන වල ඇති ඩුප්ලිකේට් ෆයිල්ස් දර්ශනය වනවා. එහි යටින් එම ගොණු වල ප්‍රමාණයද සඳහන්.
දැන් ඩිලීට් කිරීම ආරම්භ කළ හැකියි. Easy Duplicate Finder හි යටම කොටසේ ඇති Assistant යන බට්න් එක ක්ලික් කොට මෙය පහසුවෙන්ම කරගත හැකියි. එය ක්ලික් කළ පසු ඔබට පහත පරිදි වින්ඩෝවක් දර්ශනය වේවි.
එහිදී ඔබ තෝරා දිය යුත්තේ ඉතිරි කළ යුතු ෆයිල් කොටසයි. එනම්, ඔබට ඩුප්ලිකේට් වූ ෆයිල් වල අලුත් පිටපත තබා ගත යුතුනම් Newest යන්නද , පරණ පිටපත පමණක් සුරැකිය යුතු නම් Oldest යන්නද ක්ලික් කළ හැකියි.
මීළඟ පියවරේදී ඔබට අවස්ථාව ලැබෙන්නේ අවශ්‍යතාවය පරිදි ඩිලීට් කිරීමට හෝ රීනේම් කිරීමට හෝ වෙනත් ෆෝල්ඩරයකට මූව් කිරීමට.

ඔබ ඩිලීට් කිරීමට තෝරා ගත හොත් Recycle Bin එකට හෝ කෙලින්ම ඉවත් වී යන ලෙස ඩිලීට් කළ හැකියි.
නමුත් ඔබට ඉවත් වීමට යන ගොණු නැවත බැලීමට අවශ්‍යනම් Recycle Bin තෝරා එයට ගිය පසු රීස්ටෝ කිරීම හෝ දෙවන ක්‍රමය Move Duplicate ක්‍රමය භාවිතා කොට වෙනත් ෆෝල්ඩරයකට මූව් කොට එය පරීක්ශාකොට බලා පසුව ඔබටම ඩිලීට් කළ හැකියි.