සින්දුවක කටහඬ අයින් කරමු


AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.

වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි :) සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.





Screenshots



මෙක හා සම්බන්දව ඇතිවන ඔනැම ගැටලුවක් වෙතොත් අපිට දන්වන්න..:ඩ් ආය්ත් හම්බුවෙමු

නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය


යාලුවනේ, මම හැමදාම ඔයාලට කියන්නෙ ගොඩක් වැදගත්වෙන තොරතුරු ටිකක්නෙ, අද වෙනසකටත් එක්ක කියන්න යන්නෙ මෘදුකාංගයක් ගැන මම හිතනවා තිතර අන්තර්ජාලය පාවිච්චි කරන අයට සහ විදෙස් ගතව සිටින අයට මෙය ගොඩක් වැදගත් කියලා, වැඩි කතා එපා, ඒහෙනම් බලන්න මේ කියන්නෙ මොකක්ද? කියලා, ඒ වගේම මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන සහ දැක්වූ ඔබ සැමට ස්තූතියි!

ලොව පුරා අන්නර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන රූපවාහිනී හා රේඩියෝ නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය පිළිබද විමසීමක් කරන්නයි මේ සූදානම.


සාමාන්‍යෙයන් නම් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන ටෙලිවිෂන් නාලිකාවන් නැරඹීමට හෝ රේඩියෝ නාලිකාවකට සවන් දීමට හෝ අවශ්‍ය වේ නම් ඒ සදහා අදාල වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ පිවිසී වෙනත් නාලිකාවක් නැරඹීමට අවශ්‍ය වූ විට එම වෙබ් අඩවියෙන් ඉවත් වී නැවත අනෙක් වෙබ් අඩවිය වෙත යා යුතුය. මෙය යම් වෙලාවක් ගතවන අමිහිරි කටයුත්තකි. මේ සදහා විසදුමක් සෙවීමේදී අපිට තිබෙන හොදම විසදුමක් තමයි Radon TV Movie Radio Player මෘදුකාංගය. මෙමගින් ක්ෂණිකව එක් චැනලයකින් තවත් චැනලයකට ඉතා පහසුවෙන්ම මාරු වෙන්න පුළුවන්. ඒ වගේම රටවල් අනුව වර්ගීකරණය කරන ලද චැනලයන් වෙන වෙනම නැරඹීමට හා එය කුමන වර්ගයේ චැනලයක් ද යන්නත් බලාගත හැකිය.

දැන් අපි බලමු මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කරන අයුරු. පහත දැක්වෙන්නේ මෙහි තිර රූපයක්.

                                              

ඉහත තිර රූපයේ දිස්වන ආකාරයට මෙම Player එක ක්‍රියාත්මක වෙනවා. ඔබට පේනවා ඇති මෙහි දකුණු පස ඉහල කොටසෙන් අවශ්‍ය රට (Country) තෝරාගන්න පුළුවන්. පහත තිර රූපය බලන්න. එහි රතු පාට කොටුවක් ඇදලා තියෙන්නෙ ඒකෙන් Sri Lanka කියල තොරාගන්න පුළුවන්,

                                              

එය තේරූ පසු ඊට පහළින් ඇති ලැයිස්තූවෙන් එම රටට අයිති නාලිකා කාණ්ඩ ලෙස බෙදා වෙන් කර ඇති ලැයිස්තුව මගින් අපට අවශ්‍ය කාණ්ඩයේ නාලිකාවන් පහසුවෙන් බලාගන්න පුළුවන්. අවශ්‍ය නම් All යන්න තේරුවහොත් සියලුම නාලිකා වර්ග දිස් වේවි. පහත තිර රූපය බලන්න.
                                              


ඉන් පසු එම කාණ්ඩය අනුව ඊට පහතින් දිස්වන නාලිකා ලැයිස්තුවෙන් අපට අවශ්‍ය නාලිකාව නැරඹිමට ඉතා පහසුයි. අවශ්‍ය නාලිකාව මත Double click කිරීමෙන් හෝ එය Right click කර මතුවෙන මෙනුවෙන් Play යන්න ක්ලික් කිරීමෙන් එම නාලිකාව නැරඹිය හැකිය.

ඒ විතරක් නොවෙයි. එක් චැනල් එකක් නරඹන අතරතුර වෙනත් චැනල් එකක Preview එකක් ද මෙමගින් නැරඹීමට පහසුකම් තියෙනවා. ඒ සදහා ඉහත රූපයේ ඇති මෙනුවෙන් Preview  යන්න තෝරාගත යුතුයි. එවිට දෙවන චැනලයේ Preview  එකක් පෙන්වනවා.ඒ වගේම තවත් දෙයක් මෙමගින් ඔබට වැදගත් වනු ඇතැයි සිතෙන දසුන් Record කර ගන්නත් පුළුන්, පහත රූප සටහන් වල ඒ පිලිබදව දක්වා ඇත,
                                             

තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේක කොහෙන්ද ගන්නෙ කියල කියන්න, මේක Download කරගන්නත් තැනක් ඕනෙ නේද නැතුව බැනේ...:D 

Hutch data අන්ලිමිටඩ් ඉන්ටනෙට් නොමිලේ(ඕනෑම ඩොන්ගල් එකක් සදහා)


හලෝ යාලුවනේ.මම ඔන්න අදත් ආව සුපිරි පෝස්ට්  එකක් අරගෙන.මේක නම් ඉතින් අර කලින් දාපු ඩයලොග්ලගෙ ඉන්ටනෙට් වගේ කරගන්න අමාරු නෑ.ඒ වගේම ඊටත් වඩා ගොඩක් විශ්වාසදායකයි.ප්‍රතිපල ක්ශනිකවම ලැබෙනවා.ඉතින් මම මේක දැනගෙන නම් හුගක් දවස්.ඒත් මට මේක දාන්න වෙලාවක් ආවෙ නෑ.ඉතින් හැමෝම කියනවා වගේ වෙලාව ආවම තමයි දාන්න ඕන කියල ඉතින් මම හිතනවා මේක තමයි ඒකට නියම වෙලාව කියල.

අපි අද කරන්න යන්නෙත් කලින් ඩයලොග් එකට කරා වගේම වැඩක් තමයි.හැබැයි කලින් වගේ D.N.S වෙනස් කරල නෙමෙයි.PoXY සෙටින්ග්ස් වෙනස් කරල.කලින් අපි මෙනුවලි නෙ කරේ.ඉතින් ඒක ටිකක් පැටලිලි සහගත හින්දා මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් හොයාගත්ත ඒකට.ඉන්ටනෙට් එක පොඩ්ඩක් මෙව්ව කරල තමයි හොයාගත්තෙ.මේකත් කලින් ඩයලොග් එක වගේම නීති විරෝදී වැඩක් නෙමෙයි.ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.

අපි එයාලගෙ පුන්චි බග් එකකින් ප්‍රයෝජනය ගන්නවා විතරයි.ඉතින් මේකෙදි වෙන්නෙ වෙන ප්‍රොක්සි සර්වර් එකකට අපි කනෙක්ට් වෙලා ඒක හරහා ඉන්ටනෙට් යන එක තමයි.මේකෙදි තියෙන වැදගත්ම දේ තමයි අපිට 50Cent වත් වියදම් වෙන්නෙ නැති එක.ඩයලොග් එකේදි නම් පෝස්ට්පේඩ් ඩේටා සම්බන්දතාවයක් ඕන වෙනවනේ.ඒත් මේකෙදි එහෙම මුකුත් ඕන වෙන්නෙ නෑ.

අපිට මේක කරන්න ඕන වෙන්නෙ දැනට සක්‍රීය මට්ටමේ තියෙන හච් පෙර ගවුම්((PrepaiD))සිම් එකක් විතරයි.නමුත් ඒ සිම් එකේ මුදල් ශේශය අවම හෙවත් 0 වශයෙන් පවතිනවා නම් වඩාත් හොදයි.ඒකට හේතුව සල්ලි තියෙනවා නම් ඒවා ඉබේම කැපෙන්න පුලුවන්.ඒක නිසා ඔයාල මේක කරන්න කලින් ඔයාලගෙ හච් පෙර ගවුම් සිම් පතේ මුදල් ශේශය බිංදුව දැයි බලන්න.නැත්තම් ඔන්න ඒකෙ තිබ්බ සල්ලි කැපුනා කියල මෙතන ඇවිත් වැලපෙන්න නම් හදන්න එපා.

අපි මේක කරන්න හදන්නෙ පුන්චි සොෆ්ට් කෑල්ලක් යොදාගෙන තමයි.මුලින්ම ඒක ඩවුන්ලෝඩ් කරගන්න මම ප්ල්ලෙහා ලින්ක් එක දාල තියෙනවා.මේක ඉන්ස්ටෝල් කරගන්නවත් මෙලෝ දෙයක් කරන්න නෑ.කරන්න තියෙන්නෙ පොඩිම පොඩි වැඩ ටිකක් තමයි.ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.

ඩවුන්ලෝඩ්((Download HutCh Fixed))

මේක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ඔයාලගෙ හච් සිම් එක වෙනදා වගේ ඩොන්ගල් එකට දාල මොබයිල් පාට්නර් හරි වෙන විදියකට හරි කොනෙක් කර ගන්න.වෙනදා වගේම නිකන් කනෙක්ට් කරන්න.කනෙක්ට් උනාට පස්සෙ තමයි අපේ වැඩේ කරන්න තියෙන්නෙ.

කනෙක්ට් උනාට පස්සෙ අපි අර බාගෙන එක්ස්ට්‍රැක්ට් කරපු ජිල්මාට් සොෆ්ට් එකෙන් වැඩක් ගන්න තමයි තියෙන්නෙ.කරන්න තියෙන්නෙ ඒක ඕපන් කරගන්න.එතකොට පල්ලෙහා විදියට වින්ඩෝ එකක් ඒවි.


මෙම වින්ඩෝ එක ඕපන් වී තත්පර 10ක් හෝ විනාඩියක් ඇතුලත කාලයක් ගතවන විට පහත ආකරයට Status හි Successfully Connected To Server වශයෙන් දැක්වෙනු ඇත.


මෙය කනෙක්ට් වීමට විනාඩි 5ක කාලයක් උවද ගත විය හැක.සර්වර් එක ඔන්ලයින් හා බාවිතා කරන පිරිස අඩුවන තරමට මෙය සම්බන්ද වීමට ගතවන කාල අඩු හා වැඩි විය හැකිය.මෙය හරියටම කනෙක්ට් වීමෙන් අනතුරුව පරිගණකයෙ ඇති Internet Explorer එක ඉබේම ඕපන් වේ.එය කැන්සල් කර ඔබට අවශ්‍ය බ්‍රව්සරයකින් අන්තර්ජාලය සැරි සැරිය හැකිය.


හරි මම උඩින් දාල තියෙන විදියට කොනෙක්ට් කරගත්තට පස්සෙ ඔයාලගෙ IDM එක ඕපන් කරගන්න.ඉන්පසුව එහි උඩ ඇති Downloads යන්න මත ක්ලික් කර Options යන්න මත ක්ලික් කරන්න.දැන් එන Internet Manager Configuration යන වින්ඩෝ එකෙන් Proxy/Socks යන ටැබ් එක මත ක්ලික් කරන්න.දැන් එහි ඇති GET from IE යන්න මත ක්ලික් කරන්න.දැන් ඔයාලට IDM එකෙනුත් කිසි ගින්නක් නැතුව මේ විදියට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

විශේශයෙන්ම කියන්න තියෙන්නෙ මෙමගින් කනෙක්ට් වීමේදී වේගය රදා පවතින්නෙ එම අවස්තාවේ සර්වර් එක බාවිතා කරන ප්‍රමාණය මත තමයි.කොහොම උනත් සත 50ක් වත් යන්නෙ නෑනෙ.!!ආසයි නේ..!!ඉන්ටනෙට් යන්න හදන හැම වේලේම මේ පියවර ටික අනුගමනය කරන්න.දැන් ඉතින් වැඩේ ඉවරයි.මුලු දවසෙම උනත් ෆේස්බුක් ඔන්ලයින් ඉන්න පුලුවන් සත පහක් වත් යන්නෙ නැතුව.මේක 100%ක් දැනට නම් වැඩ.කිසි ප්‍රශ්නයක් නෑ.ඇති වෙනකම් ඉන්ටනෙට් යන්න පුලුවන්.හරිම පහසුයි.

ඉතින් යාලුවනේ මම හිතනවා ඔයාලට මම ගොඩාක් වැදගත් දෙයක් මම ගේන්න ඇති කියල.මේක ගැන හොද නරක ඔයාල කොමෙන්ට් එකක් විදියට දාන්න.මම ඔයාලගෙ කොමෙන්ට් එකක් අනිවා බලාපොරොත්තු වෙනවා.මේක නීති විරෝදී කියල හිතනවා නම් කරන්න එපා.මම කිසිම බල කිරීමක් කරන්නෙ නෑ.ඔයාලගෙ කැමැත්තෙන් කරන්න.මේක හච් එකේ තියෙන ලූප් හෝල් එකක්.අපි ඒකෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්නවා.ඒක නීති විරෝදි වැඩක් නෙමෙයි කියල තමයි මගේ මතය.අනිත් කැමති නැති අය කරන්න එපා..!!

මම අදත් ඔන්න කියපු විදියටම තව වටිනා පෝස්ට් එකක් දැම්මා.මට නම් මේක ඉස්සර රත්තරන් වගේ වටිනවා.දැන් වැඩිය බාවිතා වෙන්නෙ නෑ කාර්යය බහුල වැඩිකම නිසා.ඔයාලත් කරල බලන්න.මේක දැනටත් ගින්දර වගේ වැඩ.ඩයලොග් එක දැන් වැඩ කරන්නෙ නෑ.ඒකට හරියන්න නොමිලේම යන්න මේක කරන්න.ඊටත් වඩා ගින්දර මේක.!!ස්ලෝ කියල කෑගහන්න එපා.බාවිතා කරන අය අනුව ඒක වෙනස් වෙනවා..මේ හා සම්බන්ද ගැටලු එහෙම තියෙනවා නම් හෝ වෙන පෝස්ට් එකක් හෝ ඔයාලගෙ වෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට කොමෙන්ට් එකක් දාල කියන්න.සැලෙන්න එපා.අපි එකෙන්ම ඔයාලට සතුටුදායක උත්තරයක් දෙන්නම්..අදට මම කැපෙනවා යාලුවනේ..!!එහෙනම් ටටා බායි කට්ටියටම.ආයිත් මේ වගේ වැදගත් පෝස්ට් එකකින් සෙට් වෙමු..!! ;) 

***Harsha Abegunasekara***